යම් මිනිසෙකු පොලෝ තලේ තැබූ දෙපා දැවෙන තුරා වෙන තැනකට නොයාවි නම් ඒ දන හට සරණ යන්න බණක් නැතිය මට කියන්න

 
ගෞතම බුදුරජාණන් වහන්සේ

                                                            මහාචාර්ය කාලෝ ෆොන්සේකා


                            ජගත් කතුවර බර්ටෝල්ට් බ්‍රෙට්ච්

යම් මිනිසෙකු පොලෝ තලේ-තැබූ දෙපා දැවෙන තුරා
වෙන තැනකට  නොයාවි නම්-ඒ දන හට සරණ යන්න බණක් නැතිය මට කියන්න...
 
 
බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද දේශනාවක් ඇසුරින් ලෝකප්‍රකට ගත්කතුවර බර්ටෝල්ට් බ්‍රෙච්ට් මහත්මයා විසින් මෙලෙස කවියට නඟා තිබේ. මෙය 1970 වසරේදී පමණ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහත්මයා විසින් සිංහලට  පරිවර්තනය කර ඇත.

බුදුන් වහන්සේගෙන් නිවන පිළිබඳ භික්ෂූන් වහන්සේලා පිරිසක් අසන ලද පැනයකට උන්වහන්සේ විසින් පිළිතුරු දුන් අයුරු බර්ටෝල්ට් බ්‍රෙච්ට් විසින් කාව්‍යාත්මකව ඉදිරිපත්කොට ඇති අයුරු මෙසේයි.

තණ්හාවේ දෝෂය දුටු බුදුන් වහන්සේ
තණ්හාව නසා විමුක්තිය පතා නිවන් මඟ මේ යැයි පෙන්වා දුන් සේක...

ඉක්බිතිව දවසක් ගෝලයෝ පිරිසක් ඇසුවෝය හිමිගෙන් එක්තරා පැණයක්
තණ්හාව හල විගස සැනයෙකින් අප ලබන ඔබ කියන ඔය නිවන
කෙබඳු දැයි කියනු මැන...

එවිට අප සියළු දෙන තණ්හාව නසනු ඇත
බඹ ලොවට පිවිසීම වාගේද නිවන් සුව
ඉර මුදුන් වෙලාවේ විලක් මැද තනි වෙලා...
කුසීතව පාවෙමින් සිටින්නා වාගේද

ඔබ කියන ඔය නිවන පැහැපත්ද පියකරුද
නො එසේ නම් එය සිත නැති කය නැති
කිසිම දෙයක් නැති දෙයක්දෝ ස්වාමීණි 

මෙය ඇසූ හිමි සඳ හෝරා ගනනක් වැඩ හිඳ නිසලව කීවේ මෙලෙසය...
 
ඔබ ඇසූ පැණයට පිළිතුරු නැත මට 
 
එහෙත් එම දිනයේ සැන්දෑ සමයේ බෝරුක් සෙවනේ වැඩ සිටි සමිඳා
පැණ ඇසූ සිය සිසු පිරිස  ගිය පසු
එහි සිටි සෙසු දන සැම අමතාලා
දෙසූහ මේ සුළු කථාව උපමා
 
දවසක් මම ගෙයක් දුටිමි-එය ගින්නට හසුව තිබිණි
රත් පැහැ ගත් ගිණි ජාලා-එහි පියසින් උසට නැගුනි
එහි තුල මම දනන් දුටිමි
දොර හැර ඔවුනට හඬගා ඉන් පිටවන්නැයි මම කීවෙමි
එහෙත් එදන සැලුනේ නැත-හදිසි බවක් පෙන්නුවෙ නැත
එක් අයකුගෙ රැවල පවා පිළිස්සෙද්දි ඔහු ඇසුවේ
ගෙයින් පිටත මීට හොඳද
වැසි වසීද සුළඟ තදද
දැවෙන නිවස දමා ගොසින්-ඉන්න ගෙයක් තියෙනවාද
මෙවැනි ප්‍රශ්න රාශියක්ය

මම පිළිතුරු නොදී ඔහුට නැවත වරක් වුනෙමි නිහඬ
මට සිතුනා මේ දරුවන් නඟන ප්‍රශ්ණ නවත්තන්නෙ-ගින්නෙන් නැසුනාම කියා
සත්තකින්ම ප්‍රිය දරුවනි...

යම් මිනිසෙකු පොලෝ තලේ
තැබූ දෙපා දැවෙන තුරා
වෙන තැනකට  නොයාවි නම්
ඒ දන හට සරණ යන්න බණක් නැතිය මට කියන්න

එලෙසයි අප හිමි ගෞතම
පිළිතුරු දුන්නේ පෙර කළ...... 





Comments