Posts

යම් මිනිසෙකු පොලෝ තලේ තැබූ දෙපා දැවෙන තුරා වෙන තැනකට නොයාවි නම් ඒ දන හට සරණ යන්න බණක් නැතිය මට කියන්න

Image
  ගෞතම බුදුරජාණන් වහන්සේ                                                                            මහාචාර්ය කාලෝ ෆොන්සේකා                                   ජගත් කතුවර බර්ටෝල්ට් බ්‍රෙට්ච් යම් මිනිසෙකු පොලෝ තලේ-තැබූ දෙපා දැවෙන තුරා වෙන තැනකට  නොයාවි නම්-ඒ දන හට සරණ යන්න බණක් නැතිය මට කියන්න...     බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද දේශනාවක් ඇසුරින් ලෝකප්‍රකට ගත්කතුවර බර්ටෝල්ට් බ්‍රෙච්ට් මහත්මයා විසින් මෙලෙස කවියට නඟා තිබේ. මෙය 1970 වසරේදී පමණ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහත්මයා විසින් සිංහලට  පරිවර්තනය කර ඇත. බුදුන් වහන්සේගෙන් නිවන පිළිබඳ භික්ෂූන් වහන්සේලා පිරිසක් අසන ලද පැනයකට උන්වහන්සේ විසින් පිළිතුරු දුන් අයුරු බර්ටෝල්ට් බ්‍රෙච්ට් විසින් කාව්‍යාත්මකව ඉදිරිපත්කොට ඇති අයුරු මෙසේයි. තණ්හාවේ දෝෂය දුටු බුදුන් වහන්සේ තණ්හාව නසා විමුක්තිය පතා නිවන් මඟ මේ යැයි පෙන්වා දුන් සේක... ඉක්බිතිව දවසක් ගෝලයෝ පිරිසක් ඇසුවෝය හිමිගෙන් එක්තරා පැණයක් තණ්හාව හල විගස සැනයෙකින් අප ලබන ඔබ කියන ඔය නිවන කෙබඳු දැයි කියනු මැන... එවිට අප සියළු දෙන තණ්හාව නසනු ඇත බඹ ලොවට පිවිසීම වාගේද නිවන් සුව ඉර මුදුන් වෙලාවේ විලක් මැද